ගිනි ගත් නැව ජාත්‍යන්තර මුහුදට ඇදන් නොයාම වරදක්…! වගකිව යුතු සැමට දඬුවම් දිය යුතුයි…! – අනුර…

June 5, 2021 at 10:01 am | by emanisa.lk

මෙරට මුහුදු තීරයට ඇතුළු වන විට දුම් නැගෙමින් තිබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මුළුමනින්ම විනාශ වන තෙක්ම එම මුහුදු සීමාවෙන් පිටතට රැගෙන නොගියේ මන්දැයි ප‍්‍රශ්නාර්ථයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

එම නෞකාව ගිලෙන්නේ ප‍්‍රශ්න සමුදායක් සමග බවත් මේ ප‍්‍රශ්නයත් නැව ගිලී යෑමෙන් විසඳීමේ උත්සාහයක් ආණ්ඩුවට තිබෙනවාද යන ප‍්‍රශ්න මතුවන බවත් හෙතෙම කීවේය.

එහෙයින් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර කරුණු රටට හෙළි කළ යුතු බවත් කී හෙතෙම ඊට වගකිව යුතු දේශපාලන නායකත්වයට, නිලධාරී යාන්ත‍්‍රණයට අනිවාර්යයෙන්ම නිසි දඬුවම් ලබාදිය යුතු බවත් කීවේය. මෙමගින් සිදුව ඇති පරිසර විනාශය දශක ගණනාවකට විසඳාලිය නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (04) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *