ගිනි ගත් නැවෙන් අඩක් ගිලෙයි…! ගැඹුරට ඇද ගෙන යා හැකි දැයි සැකයි….! නැව මුහුදුබත් වීමේ අවදානමක….!

June 2, 2021 at 12:14 pm | by emanisalk

ගලවා ගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නෞකාව තල්ලු කිරීම ආරම්භ කිරීමත් සමඟ මුහුදු ජලය පිරීම ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් නැවේ පසු පස කොටස තව දුරටත් පහළට තල්ලු වන තත්වයක් ඇති වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මුහුදු ජලය අඛණ්ඩව පිරුණ හොත් නෞකාව කොපමණ දුරක් ඇඳගෙන යෑමට හැකිවේද යන්න කිවනොහැකි බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන යන්නේද යන්න තීරණය සෙසු බලාධාරීන් ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළේය.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට සහාය වීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටියි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස