ගිනි ගත් උක් වගාවට අනික් ගොවීන්ගේ අස්වැන්නෙන් වන්දි ගෙවන්න සූදානම්…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

September 3, 2025 at 5:01 pm | by Namal

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වනු සැපයීම සහ උක් අස්වනු ප්‍රවාහනය කිරීම මේ වන විට ගොවීන් විසින් නවතා දමා වර්ජනයක නිරත වෙමින් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගියදා ගින්නට හසු වූ උක් අස්වනු ටොන් 14 000ක් පමණ මිල දී ගන්නා තුරු සිය අස්වනු කර්මාන්තශාලාවට ලබා නොදීමට එම ජනතාව තීන්දු කර ඇති බව ඇමතිවරයා සඳහන් කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ගින්නට හසු වූ උක් දඬුවලින් සීනි නිෂ්පාදනය කළ නොහැකි නිසා ඒවා මිලට ගැනීමෙන් පලක් නොමැති වුවද යම් සහනදායි මිලකට එම අස්වනු මිලට ගෙන විනාශ කර දැමීමට ආයතනය සුදානම් බවයි.

එම මිල දී ගැනීමෙන් ආයතනයට සිදුවන පාඩුව අද වගාව ගිනි ගැනීම නිසා අපහසුතාවට පත් සෙසු ගොවි ජනතාව අතර බෙදාදීමට සිදු වන බව ද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.

සෙවනගල උක් ගොවීන්ගේ වර්ජනයට විසඳුම් ලබා දීමට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *