ගිනි අවි ගෙන බන්ධනාගාරයට ගිය කතා බොරු….! කිසිදා බීමත්ව හිර ගෙදර පස් පාගා නෑ….! ගිනි ගත් බන්ධනාගාර සිසිල් කළ මට ගහනවා…! – ඇමැති ලොහාන්…

September 18, 2021 at 8:00 am | by emanisa.lk

රට පුරා බන්ධනාගාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 31ක් ඇති බවත් ඒ කිසිදු බන්ධනාගාරයකට තමන් ගිනි අවියක් තබා තම දුරකථනය හෝ රැගෙන ගොස් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරයි.

එමෙන්ම කිසිදු අවස්ථාවක තමන් බීමතින් කිසිම බන්ධනාගාරයක් තුළට නොගිය බව ද අමාත්‍යවරයා කියා සිටියි.

තමන් සිකරුවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ඒ සියලු ම ස්ථානවලට ගොස් ඇති බවත් ඒ කිසිදු අවස්ථාවක නොමනා ලෙස හැසිරී ඇත්නම් ඒ පිළිබඳ CCTV දර්ශන නිකුත් කරන ලෙස ඔහු අභියෝග කරයි.

තමන් සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය බවත් කිසිවෙකු තමන්ට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ලොහාන් රත්වත්තේ කියා සිටියි.

තමන් වෙත භාර දුන්නේ ගිනි ගත් බන්ධනාගාරයක් බවත් එහි සිටි සිරකරුවන් 33 000 තමන් විසින් 19 000 දක්වා අඩු කර ඒවා නියම පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත්කළ බවත් ඔහු අවධාරණය කරයි.

බලන්න

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස