ගිනිතැබීම්වල පාඩුව කෝටි 2000යි…! රක්ෂණ සමාගම් අලි අමාරුවක…!

May 14, 2022 at 2:29 pm | by emanisa.lk

ප්‍රචණ්ඩකාරීන් විසින් මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥනයින්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම් නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර රක්ෂණය කෙරුණු දේපළ සඳහා වන්දි ගෙවීමට එකවර විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම් බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

පසුගිය දිනවල ඇති වූ කලහකාරී සිද්ධීන්වලින් පසු මැති ඇමැතිවරුන් 55 දෙනෙකුගේ නිවාස ගිනිබත් කර ඇති අතර වාහන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ද විනාශ කර තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *