ගින්නෙන් ඇල්ල රක්ෂිතයේ අක්කර 700ක් විනාශයි… හෙලිකොප්ටර් යොදා නොගැනීම පිළිගන්න බෑ…! – පරිසරවේදී නයනක රන්වැල්ල…

February 17, 2025 at 11:42 am | by emanisa.lk

ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් අක්කර 700කට වඩා වන භූමිය විනාශ වී ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

“මේ සිද්ධියේදී ඇල්ල රොක් කඳුවැටියේ අක්කර 700කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මේ වගේ තැනකට ගෙනියන්න බැහැ කියන එක පිළිගන්නෙ නැහැ.

අනිත් එක මේ වගේ අවස්ථාවක හෙලිකොප්ටර් යානාවකින් ජලය දාලා ගින්න නිවන්න බැහැ, ඒක අසාර්ථකයි කියන එකත් පිළිගන්නෙ නැහැ. මොකද ඔය හෙලිකොප්ටර් යානයකින් ජලය ලීටර් 11,000 ක ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන්.

ජෛව විවිධත්වයකින් සමන්විත සොබාව සෞන්දර්ය වටිනාකමකින් යුත් සංචාරක ආකර්ෂණය වැඩිම කලාපයක තමයි මේ ගින්න ඇති වුණේ. අනිත් එක මේ සොබාව සෞන්දර්යය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි කරන්න ඕනෙ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *