ගෑස් මරණයට වගකිව යුතු රජයයි..! මිය ගිය කතගේ ඥාතීන් කෝටි 10ක් ඉල්ලා නඩු මගට…!

December 13, 2021 at 4:41 pm | by emanisa.lk

ගෑස් පිපිරීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ සිව් දරු මවගේ ඥාතීන් වන්දි ඉල්ලා නඩු දැමීමට සූදානම් වෙයි.

කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ළිප පුපුරා ගොස් ඉන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ සැමියා ඇතුළු ඥාතීන්, අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණයකර තිබේ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවකි. ඇය අනතුරට මුහුණ දී තිබුණේ, සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කුලී පදනම මත කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචියට පැමිණ සිටියදීය.

මෙම මරණයට රජය සහ ගෑස් සමාගම වගකිව යුතු බවත් ඊට වන්දි ලෙස රු. කෝටි 10ක වන්දියක් ගෙවිය යුතු බවත් එම කාන්තාවගේ සැමියා අවධාරණය කරයි. තමා නඩු මගට යන්නේ අනාගතයේ මහජන ජීවිත මෙලෙස විනාශ වීම වැළැක්වීම සඳහා බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *