ගෑස් බර අඩු කළ ලිට්‍රෝ සමාගමට නඩු දානවා….! – බන්දුල..

June 8, 2021 at 1:05 pm | by emanisa.lk

ගෑස්වල බර අඩු කිරිම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඇමැතිවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළ අතර මේ සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

වෙළෙඳ ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

කිසිවෙකු මේ ගැන කලබල නොවිය යුතු බවත් කවුරුන් හෝ පනතට විරුද්ධව කටයුතු කර ඇත්නම් නඩු පැවරීමේ වගකීම තමා බාර ගන්නා බවත් ගුණවර්ධන පැවැසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා ඇතැම් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය නොමැතිව ගෑස් සිලින්ඩරයේ බර අඩු කර ඇතැයි චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *