අඩු මිලට ගෑස් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො. ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් නිර්දේශ කළේය.
එසේම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිල දී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිල දී ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙනන්ද වහාම සොයා බලන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
කමිටුව දුන් නියෝග ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ක්‍රියාත්මක කළ ආකාරය සහ එම ආයතනවල කාර්ය සාධනය විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පෙරේදා කැඳවනු ලැබ සිටියහ. මේ නිර්දේශ ලබා දී ඇත්තේ ඒ රැස්වීමේදීය.
ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය පසුගිය පෙබරවාරි මාසය වන විට අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනකු ලංසු ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී තොරතුරු අනාවරණයවිය.
මෙහි දී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම ගනුදෙනුව නිසා රු. බිලියන 1.2ක පමණ අවභාවිතයක් සිදුව ඇතැයි කෝප් කමිටු සභාපති චරිත හෙරත් පැවසුවේය.