ගෑස් ගේන්න රටේ ඩොලර් නෑ….! වෙළෙඳපොළේ ලාෆ් ගෑස් නෑ…!

July 30, 2021 at 9:13 am | by emanisa.lk

වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් මතුව ඇත්තේ ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ප්‍රමාණවත් ඇමරිකානු ඩොලර් මෙරට බැංකුවල නොමැති නිසා බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසයි.

ඉදිරියේ දී කිරිපිටි සහ බෙහෙත් වැනි ආනයන කෙරෙහි ද මෙම තත්ත්වය බලපානු ඇති බවත් රජය සමඟ කෙතරම් සාකච්ඡා කළ ද ප්‍රතිඵලයක් නොවූ බවත් ඔහු අනාවරණය කරයි.

පසුගිය අවුරුද්දක පමණ කාලය සිලින්ඩයක් රු. 700ක් පාඩු පිට ගෑස් අලෙවි කිරීම නිසා සමාගමට රු. කෝටි 500ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් පාරිභෝගිකයින්ට සිදුව ඇති අපහසුතාව පිළිබඳ කනගාටු වන බවත් වෑගපිටිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *