ගෑස් ඒකාධිකාරය ඇමරිකානු සමාගමට ලබා දීම භයානකයි…! ආණ්ඩුවේ පක්ෂ 10ක් යුගදනවි ව්‍යාපෘතියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි…!

September 25, 2021 at 2:00 pm | by emanisa.lk

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේශපාලන ගැටුමක් නිර්මාණය වී තිබේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ 10ක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් වහා සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා එම නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පිටු තුනකින් යුත් ලිපියක් යවා ඇති බව ද වාර්තා වේ.

මෙම ගිවිසුම යළි සලකා බලන්නැයි එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෑස් බෙදා හැරීමේ ඒකාධිකාරය මෙම ගිවිසුම හරහා එක් සමාගමකට පැවරීම බරපතල තත්ත්වයක් බව ද එම ලිපිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *