රට පුරා රෝහල්වල හෙද වර්ජන සහ විරෝධතා…!

August 5, 2021 at 8:15 am | by emanisa.lk

ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (05) පෙරවරුවේ සේවාවලින් ඉවත් වී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

මේ සඳහා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති හතළිස් හතරක (44) සාමාජිකයන් සහභාගි වන බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව උදෑසන 07 සිට12 දක්වා කාලය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම සියලු සේවාවලින් ඉවත් වීමට නියමිතය. අනතුරුව 12 සිට 1 දක්වා උද්ඝෝෂණයක නිරත වන බව ද රත්නප්‍රිය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *