ගාලු මුවදොර දී මට බැන්නේ බේබද්දෝ…! මම නික්ම ආව මිසක් පන්නා දැමුවේ නෑ…! – පැතුම් කර්නර්….

April 28, 2022 at 8:27 am | by emanisa.lk

පසුගියදා ගාලු මුවදොර විරෝධතා භූමියේ දී උණුසුම් තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ එහි සිටි පුද්ගලයකු විසින් අරගලයේ නායකත්වයට තමා පත්කර ගත යුතු බව ප්‍රකාශ කිරීම නිසා යැයි පැතුම් කර්නර් පවසයි.

එම යෝජනාවට එහි සිටි පිරිස විරෝධය පළ කළ බවත් අරගලය සමග දිගින් දිගට ම සිටියේ තමන් බවත් පැවසූවේ යැයි ද ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද අරගලයේ නායකත්වය සඳහා තමා යෝජනා කළ පුද්ගලයා පෞද්ගලිකව නාඳුනන බවත් එය කිසිසේත් ම තමා උළුප්පා ගැනීමේ සැලසුමක කොටසක් නොවන බවත් පැතුම් කර්නර් අවධාරණය කරයි.

අරගල භූමියේ දී පරුෂ වචනයෙන් බැණ වැදුණේ බීමත් පිරිසක් බව පවසන පැතුම් කර්නර් තමා ඒ අවස්ථාවේ අරගල භූමියෙන් පළවා හැරියා නොව ස්ව කැමැත්තෙන් නික්මුණු බව ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *