ගාල්ලේ ජනතාව එන්නත් ගන්න පෝලිමේ….! කොළඹින් ආව නඩේකට දෙවන මාත්‍රාව දීලා….!

June 8, 2021 at 10:34 am | by emanisa.lk

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2 වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එම චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්නගෙන් කළ විමසුමක දී මෙසේ පැවැසීය.

“මෙම එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි. නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහෙන් ආවත් එන්නත් ලබා දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *