ගායන ශිල්පි අසංකට කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය සම්මානය….!

July 21, 2021 at 8:41 am | by emanisa.lk

ජනප්‍රිය ගායක අසංක ප්‍රියමන්ත පීරිස් වෙත ‘කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය’ ගෞරව නාමය ප්‍රදානය කර තිබේ.

අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් ඊට අදාළ සන්නස් පත්‍රය ලබා දීම සිදු කෙරිණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා (18 ) පැවති උත්සවයකදී මෙය ලබා දුන් බව ගායන ශිල්පී අසංක ප්‍රියමන්ත පීරිස් පවසයි.

ගීත 400ක් පමණ ගායනා කර ඇති ඔහුගේ ගායන දිවියට වසර 35ක් පමණ සපිරෙන අතර මොරටුව ප්‍රදේශයේ පදිංචි අසංක ප්‍රියමන්ත පීරිස් දක්ෂ ලී කැටයම්කරුවෙකු ද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *