ගානියා කළේ බොරුවක්! එහෙම කළේ ඇයි කියලා දැනගන්න උදව් වන්න! – ජනපති ස්විස් තානාපතිගෙන් ඉල්ලයි….

December 18, 2019 at 8:20 am | by emanisa.lk

සත්‍ය දැනගැනීම සඳහා රජයට සහාය වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙරට ස්විස් තානාපති පිටර්හාන්ස් මොක්ගෙන් ඉල්ලා ඇත.

සත්‍ය දැනගැනීම සඳහා එම සහාය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා ඇතැම් පාර්ශ්ව රජය සහ තමා අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන බව කීවේය.

ජනපති ධුරයට පත් වීමෙන් දින 29 කට පසු ස්විස් තානාපතිවරයා ගෝඨාභ්‍ය රාජපක්ෂ හමුවී එම ජයග‍්‍රහණය ගැන සුබ පතා ඇති අතර එම අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

මේ නිලධාරිනිය මෙලෙස ක්‍රියා කළේ ඇයිදැයි පැහැදිලි කර ගත යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තව දුරටත් දන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස