ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළේ යහපාලන තීන්දුව මතයි..! නීතියට වැඩ කරන මා ධූරයෙන් යන්නේ නෑ…! – පලිබෝධනාශක රෙජිස්ටාර්…

November 24, 2021 at 2:33 pm | by emanisa.lk

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කරුණු ලද්දේ පලිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේත් කැබිනට් මණ්ඩලයේත් උපදෙස් මත බව පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් සඳහන් කරයි.

තමන් ඒ අනුව නීති විරෝධී දෙයක් සිදු කර නැති බවත් තම ධූරයට ගැටලුවක් ඇති නොවන බවත් හෙතෙම පැවසීය.

2014 වසරේ නිකුත් කරන ලද අදාල ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පෙරේදා දිනයේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

ඔහු පවසන්නේ ග්ලයිෆොසේට් වල් නාශකය රබර් සහ තේ වගාවන් සඳහා යොදා ගැනීමේ තහනම ඉවත් කිරීමට 2018 වසරේ දී කැබිනට් මණ්ඩලය තීරණය ගෙන ඇති බවයි. එමෙන්ම ප්‍රොපනිල් වල් නාශකය තහනම ඉවත් කිරීමට ද නිර්දේශ ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව තමන් විසින් සිදු කර ඇත්තේ කලින් ගත් තීරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම පමණක් බව ද ඔහු පැවසීය.

අදාල ගැසට් පත‍්‍රය 2018 වසරේ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද්දේ ඉකුත් සතියේ බව ද ඔහු පවසයි.

නීති විරෝධී කටයුත්තක් සිදු කර නොමැති නිසා රාජ්‍ය නිලධාරියෙකු ලෙස තනතුරෙන් පහ කිරීමට කිසිවකුට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *