ග්ලයිෆාසෙට් තහනම දිගට ම බලාත්මකයි…! පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ගෙදර යවයි..!

November 23, 2021 at 6:28 pm | by emanisa.lk

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඒ අනුව ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක තහනම තව දුරටත් ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඇමැතිවරයා අද උදෑසන ප්‍රකාශ කළේ, රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් ද සිදු කරන බවයි.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත්ගේ අත්සනින් යුතුව ඊයේ (22) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

2014 වසරේ දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය මගින් එලෙස භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණේ, ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන පළිබෝධනාශකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *