ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්‍රාල් නිදහස්…!

June 1, 2024 at 11:42 am | by emanisa.lk

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට රුපියල් කෝටි 184කට ආසන්න පාඩුවක් සිදු කළේ චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර තිබූ නඩුවකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සිව්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කරයි.

එම විත්තිකරුවන් හතර දෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ගොනු කර ඇති චෝදනා පත්‍රය නීති විරෝධී චෝදනා පත්‍රයක් බවට නිගමනය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාර දීමට අවසර ලබාදීම ද ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය ඊයේ (31) ලබා දුන්නේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂවරයා එම චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ රජය විසින් සම්මත කළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ඔහු එම තනතුරට පත් කිරීමට දින කිහිපයකට පමණ පෙර වන බැවින් නීත්‍යානුකූලව පත්වීමක් නොලැබූ අයකු අත්සන් කළ චෝදනා පත්‍රයක් වන නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව තම අධිකරණය ද පිළිගන්නා බව ද විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *