ගහෙන් වැට්ට ජනතාවට ගොනා අනී…! වෘත්තීය සමිති 1000ක් මහා වැඩ වර්ජනයක…!

April 28, 2022 at 8:03 am | by emanisa.lk

ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, තැපැල්, සමෘද්ධි, බැංකු, සංවර්ධන නිලධාරී, කම්කරු ආදි සියලු ක්ෂේත්‍රවල පිරිස් මෙම වැඩවර්ජනය සඳහා සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

“ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු” තේමාව යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර ඒ සඳහා වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහයෝගය ලබාදී තිබේ.

වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතා පාගමනක් ද දහවල් 12.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව දින 7ක් තුළ බලයෙන් ඉවත් නොවුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *