ගහපු ගැසට් ඔක්කොම ගැළවෙනවා…! පාරිභෝගික අධිකාරියක් දැන් වැඩක් නෑ…! ඒක වහල දැම්මා නම් රටට පඩි සල්ලි ටිකවත් ඉතිරියි…! – හිටපු අධ්‍යක්ෂ…

October 8, 2021 at 9:58 pm | by emanisa.lk

තමන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට වුව ද එහි ඒ සඳහා ඉඩක් නොමැති බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.

පාරිභෝගික සේවා අධිකාරිය නියාමන ආයතනයක් වුව ද ඇමැතිවරුන් කියන දේ කරන ආයතනයක් බවට එය පත්ව ඇති බවත් බන්දුල ගුණවර්ධනලා පැමිණි දවසේ සිට ප්‍රශ්න ඇති වූ බවත් ඔහු අනාවරණය කරයි.

කිසිදු ප්‍රායෝගික පදනමක් නොමැතිව විවිධ පුද්ගලයින්ගේ උවමනා එපාකම් අනුව නිකුත් කළ ඉතිරි ගැසට් ද ඉදිරියේ දී ගැලවීමට සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

පාරිභෝගික අධිකාරියෙන් අද කිසිවක් සිදු නොවන බවත් එය වසා දැමුවේ නම් ආණ්ඩුවට මුදලක් ඉතිරි වන බවත් තුෂාන් ගුණවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (08) පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *