ගර්භනී අම්මලාට උපදෙස් මාලාවක්! නියම ලෙස පිළිපදින්න!

April 28, 2020 at 12:12 pm | by emanisa.lk

කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින්  මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

පහත දැක්වෙන අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

* උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවක්.

ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායනවලට යාමට උපදෙස් දෙනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස