ගම්මන්පිල දයාසිරි කන්ටේනර් ගැන බොරු කියලා තිබුණොත් වැඩ වරදියි…! – නි. ඇමති සුනිල් වටගල…

June 10, 2025 at 12:09 pm | by emanisa.lk

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323 ක් පිට කිරීමක් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඔවුන් විසින් පවසා ඇත්තේ අසත්‍ය බව පැහැදිලිව පෙනී යන බවත් ඒ නිසා ඔවුන්ට වැඩ වරදිනු ඇති බවත් සුනිල් වටගල ප්‍රකාශ කරයි.

පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීම ඉදිරියේදී භයානක වනු ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *