ගම්මන්පිල තෙල් මිල වැඩි කළේ ආණ්ඩුවට හොරා ද? රට පාලනය කරන්නේ පොහොට්ටුව නෙමේ ද? – සජිත් ප්‍රේමදාස

June 12, 2021 at 9:56 pm | by emanisa.lk

ඛනිජ තෙල් වැඩි කිරීම පිළිබඳ බලශක්ති ඇමැතිවරයාට චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වෙයි.

“ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල් මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ. ඔහු පවසන්නේ තෙල් මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්, ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.

රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ. පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ.

එමෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුදයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ. ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගාණය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස