ගම්මන්පිල අමු මෝඩයෙක්…! නැත්නම් සාගර නාඳුනන බව කියන්නේ නෑ….! – ෆොන්සේකා..

June 15, 2021 at 7:10 am | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මෝඩයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේග සභාපති සරත් ෆොන්සේකා පවසයි.

එසේ නැත්නම් පසුගිය මහා මැතිවරණයේ දී තම නාම යෝජනා පත්‍රයට අත්සන් කළ පක්ෂ ලේකම්වරයා නොදන්නේ යැයි පවසන්නේ නැති බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය මාධ්‍ය හමුවක දී ඇමැති ගම්මන්පිල විසින් සාගර කාරියවසම් නම් ප්‍රාණියෙකු සිටින බව තමා දැනගත්තේ ඊයේ පෙරේදා යැයි පැවසුවේ යැයි ෆොන්සේකා චෝදනා කරයි.

ගම්මන්පිල – සාගර දෙපිරිස ම එක ම කණ්ඩායමක් බවත් ඔහු අවධාරණය කළේ ය. සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *