ගම්මන්පිලට ගෙදර යන්න කී සාගරට ආණ්ඩු පක්ෂ නි. සංවිධායකකම…..!

July 8, 2021 at 4:05 pm | by emanisa.lk

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා දුන්නේය.

මෙයට පෙර ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරය හෙබවූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් එම තනතුර පුරප්පාඩු විය.

පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් ඊට සුළු වේලාවකට පසුව සිය ධූරයේ වැඩ භාරගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස