ගම්මන්පිලගේ නියෝගයෙන් තෙල් සභාපති ගෙදර යයි…!

December 21, 2021 at 4:08 pm | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා පර්‍යන්තයේ සභාපති උවයිස් මොහොමඩ් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (20) විෂය භාර උදය ගම්මන්පිල සභාපතිවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස් වෙන ලෙස නියෝග කර තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්තය යටතේ පාලනය වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරිපාලන අක්‍රමිකතා මේ සඳහා ආසන්නතම හේතුව බව දැනගන්නට තිබේ.

සති තුනකට අධික කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද පිරිපහදුව මීට සති දෙකකට පමණ පෙර නැවත ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ආ බවත් බොරතෙල් ලබාගැනීමේ ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් එය ක්‍රියා විරහිත තත්ත්වයට පත් විය හැකි බවටත් ඊයේ දිනයේ දී වෘත්තීය සමිති ක්‍රියාකාරින්ගෙන් චෝදනා එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *