දේශපාලන ගණිකාවන් පිළිබඳ කතා කළ සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ගණිකාවන් පිළිබඳ හොඳින් දන්නා අයකු බව එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට නියමිත බවට සහ ඔවුන් දේශපාලන ගණිකාවන් බවට හර්ෂණ රාජකරුණා පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
“එක්කෙනෙක් මේ පසුගිය දවස්වල කියල තිබුණා, කළුතරෙනුයි, ගම්පහෙනුයි දෙන්නෙක් යනවය ඒගොල්ලෝ දේශපාලන ගණිකාවන් කියලා. ඔය කතා කරන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ගණිකාවෝ ගැන හොඳට දන්නවා.
මොකද මේ ළඟදී, විපක්ෂ නායක කාර්යාලයේ ඒ වගේ වැඩක් කරන්න ගිහිල්ලා ඒක අතටම අහු වෙලා නායකයාගේ භාර්යාවට. විපක්ෂ නායක කාර්යාලය කියන්නේ රජයෙන් දෙන කාර්යාලයක්. ඒක පොදු මහජන දේපළක්. ඒක පක්ෂ දේපළක් නෙවෙයි.
මෙන්න මේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරයාගේ කාමරේ කරපු වැඩේ අන්තිමට, ඒක අතටම අහු වෙලා නායකයාගේ භාර්යාවට. අන්තිමට භාර්යාව ඉදිරියේ වැඳ වැටුනා සොරි මැඩම්, සොරි මැඩම්, සමාවෙන්න මැඩම්, සමාවෙන්න මැඩම් කිය කියා.
තමන්ගේ තාත්තලාගේ නම් කියලා දේශපාලනේට ආපු මෙන්න මේ වගේ ගණිකාවන්ට හිතෙන්නේ අනික් කට්ටිය ගණිකාවන් කියලා. එහෙම තමයි කියන්නේ. ගණිකාවක් වුනහම අනික් සාමාන්‍ය තරුණියක් දැක්කාම හිතනවා එයත් ගණිකාවක් කියලා. ඒ නිසා මම කියන්නේ මේ වගේ අය තමන්ගේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එන්න ලෑස්ති වෙන්න එපායි කියලා.”