ගම්පහ මෝරුපොල ප්‍රදේශයේ දී ඉකුත් 03 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක දී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බව තහවුරුවී තිබේ.
එබැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කරන්නැයි දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ සඳහන් කළේ ය.
මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුම්වත් නොකර පවත්වා ඇත.
ලේ පරිත්‍යාග කළ අය අතරින් එක ම පවුලේ තිදෙනෙකු ඇතුලු 04දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බව තහවුරුවීම මත එම ප්‍රදේශයේ පවුල් 19 ක සාමාජිකයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
එම වැඩසටහනට සහභාගි වී ඇති විදුලි බල මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ සේවය කරන අයෙකුට හා ඔහුගේ බිරිඳට හා සොහොයුරාටත් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කරයි.
ආසාදිතයෙකුව සිටින විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන තැනැත්තාගේ පියා මාතර – කොළඹ බස් රියදුරෙකු ලෙස සේවය කරන අයෙකු වන අතර ඔහු ද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ආසාදිත පිරිස ඇතුළු ගමේ පිරිසක් සාදයක් පවත්වා ඇති බව ද අනාවරණය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේ ය.