ගම්පහට හයිවේ එපා….! සෙලනිකා ගහ තිබ්බ ම ඇති….! – දේවාණි ජයතිලක..

February 10, 2021 at 11:26 pm | by emanisa.lk

පණු කරඳ හෙවත් කෘඩියා සෙලනිකා වෘක්ෂය සහිත පරිසර පද්ධතිය විනාශ කර හදන අධිවේගී මාර්ගය ගම්පහට උවමනා නැති බව ගම්පහ අඩවි වන නිලධාරිනි දේවාණි ජයතිලක පවසයි.

ඈ මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

පණු කරඳ වෘක්ෂය ලංකාවට ආවේණික ගසක් බවත් එම වර්ගයේ ලංකාවේ ඇති එක ම වෘක්ෂය මධ්‍යම අධිවේගී මාර්ගය නිසා විනාශ වීමට යන බවත් මෙයට පෙර සඳහන් විය.

කෙසේ වුව ද මේ වන විට වැඩුණු පණු කරඳ ගස් 07ක් ගම්පහ අවටින් ම හඳුනා ගෙන ඇති අතර තවත් පැළ 20ක් පමණ ඇති බවත් සනාථ වී ඇත.

ඒ සමඟ ම පණු කරඳ ගහ රැකගැනීමේ සටන අදාළ පරිසර කලාපය රකින සටනක් බවට පෙරළිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස