ඉකුත් දිනවල පැවති ගංවතුර තත්ත්වය සමග මියගිය කුකුළන්, ඌරන් වැනි සතුන් මිනිස් පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට දිගින් දිගට ම පැමිණිලි ලැබෙමින් ඇතැයි සඳහන්ය.
එහි වැටලීම් හා විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ සත්ත්ව මාංශවලට අමතරව පරිප්පු, සහල් සහ සීනි වැනි ආහාර වර්ග ද යළි ඇසුරුම් කර වෙළඳපොළට ලැබිය හැකි බවට තොරතුරු ලැබෙමින් ඇති බවයි.