ගං වතුරට ගිය කාපට් පාරේ ඇත්ත කතාව මෙන්න…!

May 15, 2021 at 1:53 pm | by emanisa.lk

ඊයේ (14) ඇති වූ හදිසි ගං වතුර තත්ත්වය සමඟ මාපලගම පිටිගල මාර්ගයේ කාපට් කොටසක් සෝදා ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ප්‍රතිසංස්කරණය කරන මෙම මාර්ගයේ දිග 13.75 km වන අතර සෝදා ගත් ඇති කොටස මීටර 50ක සහ මීටර 40ක කොටසකි. එහි කාපට් අතුරා ඇත්තේ ද ඊයේ දිනයේ ම ය.

මෙම කොටසෙහි මෙතෙක් කොන්ක්‍රීට් පැති බැමි පවා සවි කර නොමැති අතර අදාළ කාපට් කොටස බිමට සවි වීමට පෙර මෙම ගං වතුරට හසු වී එය විනාශ වී ඇත.

මෙම මාර්ග කොටස අඩි පහක පමණ සැර ගං වතුරකට හසුව ඇති අතර මාර්ගයේ පාළම ද ඉන් විනාශ තිබේ.

කෙසේ වුව ද අදාළ ඉදිකිරීම් සමාගම එම කොටස නැවත ඉක්මනින් ඉදිකිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *