ගංජා වවලා රට පටවලා අවුරුදු පහෙන් රටේම ණය ගෙවමු! – බන්දුල

October 3, 2020 at 9:15 am | by emanisa.lk

ගංජා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියලු විදේශීය ණය ප‍්‍රමාණය 2025 වසර වන විට ගෙවා නිම කළ හැකි බව වෙලද ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ගංජා ශාකයේ ඖෂධීය වටිනාකම කොටස් විදේශීය රටවලට අපනයනය කිරීම මගින් ඉතා විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවද ඔහු පවසයි.

ගංජා වගාවන් ඇති කර එයට හමුදා ආරක්ෂාව යොදා රැකගත හැකි බව පවසන ඔහු විදේශයන්ට අපනයනය කිරීමෙන් මේ රටට අවශ්‍ය සියලුම ආනයනික ද්‍රව්‍ය මිලට ගත හැකි ද පැවසීය.

පෞද්ගලික රේඩියෝ නාළිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ගංජා තහනම් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් බවත් ඒ නිසා විස සහිත කේරළ ගංජා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන බවත් ඇමතිවරයා මෙයට පෙර සඳහන් කළේය.

කෙසේ වුවද ගංජා නීතිගත කිරීමට දරන උත්සාහය විදෙස් කුමන්ත්‍රණයක් විය හැකි බව මැල්කම් කාදිනල් රංජිත් අගරදතුමා පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *