ගංජා වවන්න ආයෝජකයන් කැඳවයි…!

June 13, 2024 at 11:03 am | by emanisa.lk

වෛද්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය ලෙස අපනයනය සඳහා ගංජා වගා කිරීමට ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයින් වෙත අයැදුම් කැදවා ඇත.

අයැදුම්පත්‍ර ගාස්තු ඇමෙරිකානු ඩොලර් 400කි. ව්‍යාපෘතිය තක්සේරු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 1250කි. කොන්දේසි සපුරාලීමට සමත් ආයෝජකයින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක ආරක්ෂක තැන්පතුවක් ආයෝජන මණ්ඩලයෙහි තැබිය යුතුය.

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතිය සඳහා නිසි බලපත්‍රය ලබාදෙන අතර එම බලපත්‍රය සදහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් අයකරනු ලබයි. එම බලපත්‍රය වාර්ෂිකව අලුත් කරගත යුතුය. ඒ සඳහා ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 200ක් අයකරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ආයෝජනය කළ යුතුය.

සියලු අයැදුම් පත් මෙම මස 12 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය වෙත යොමු කළ යුතු බව ද ආයෝජන මණ්ඩලය සදහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *