ඛනිජ තෙල් ගෑස් මිල අඩු කරන්න පුළුවන් වයිමෙක් මාව හම්බ වෙන්න…! – බන්දුල…

October 22, 2021 at 4:46 pm | by emanisa.lk

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) කොළඹ පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“චීනය කියන ලෝකයේ විශාලතම රටක දවස් 5ක් වැඩ කරන රටේ එක් දවසක් නම්, විවෘත කරලා තියෙන්නෙ ඓතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා ලෝකෙ, අපිටත් විවිධ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ, චීනයෙන් එතකොට අපිට අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් සමහර කර්මාන්ත පවත්වා ගෙන යන්න බැරි වෙනවා.

කවුරුහරි කියනවා නම්, මෙන්න මේකයි ලෝකෙ ඛනිජ තෙල් වැඩි වෙන එක ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකයේ ගෑස් මිල 130%කින් වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් එයාට මාව හම්බුවෙන්න කියන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *