කෝටි 36ක් වංචාකර කට්ටි පනිමින් සිටි ගම්පහ සණස බැංකු ලොක්කා අල්ලයි!

April 19, 2019 at 2:26 pm | by admin

ගම්පහ විගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කර එහි සභාපති සමීර සේනානායක අද(19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සභාපතිවරයා ගම්පහ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුදල් වංචා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලිසිය මගහරිමින් සිටි සැඟවී සිටි සභාපතිවරයා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයකු අද(19) ලබාදුන් තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පදවාගෙන පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගම්පහ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකු වංචාවේ ප්‍රධාන චූදිතයා අදත් කිසිදු කරදරයක් නොමැතිව නිදැල්ලේ හැසිරෙයි. හොරු ආණ්ඩු කරන තුරු මහ බැංකු හොරු ඇල්ලීම හීනයක් බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස