කෝට්ටේ සංඝ සභාවේ නාහිමිගේ ප්‍රකාශය ලැජ්ජයි නින්දිතයි..! – ආනන්ද සාගර හිමි…

August 9, 2022 at 10:58 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ විට සියලු හිමිවරුන් සතුටු වූ බවට කෝට්ටේ සංඝ සභාවේ මහානායක හිමියන් කළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

එම ප්‍රකාශ ඇහෙද්දී හිරිකිතයක්, ලැජ්ජාවක් ඇති වන බවයි, ආනන්ද සාගර හිමි ප්‍රකාශ කළේ.

රනිල් වික්‍රමසිංහ මේ වන විට සියලු විරෝධතා මර්දනයට පටන් ගෙන ඇතැයි ද දොරටුපාලකයෙකු රජ වූ පසු මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ද එහිමියන් සඳහන් කළහ.

දොරටුපාලකයාට එම තනතුර හිමි වූයේ ගෝල්ෆේස් දරුවන්ගේ ආදරේ අරගලය නිසා බවවත් ඔහු නොදන්නේ යැයි ද ආනන්ද සාගර හිමි පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමෙන් උත්සාහ කරන්නේ සියලු දෙනාට මැති ඇමැතිකම් දී කට වසා දැමීමට බවට ද එහිමියෝ චෝදනා කළහ.

කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී ඊයේ (09) උන්වහන්සේ මේ බව කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *