කොළොන්නාව නගර සභාවේ බල පෙරළියක්…! විශ්වාසභංගයෙන් එජාප පාලනය පරාදී….!

July 2, 2021 at 9:11 pm | by emanisa.lk

කොළොන්නාව නගර සභා‌වේ පාලක එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් පාලක පක්ෂය පරාජයට පත්ව තිබේ.

නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සිදු කළ මහා පරිමාණ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අතර ඒ සඳහා නගර සභාවේ වර්තමාන සභාපතිවරයා වගකීම භාර ගත යුතු බවට චෝදනා කරමින් පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබිණි.

අද පස්වරුවේ එය ඉදිරිපත් කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ සහාය ද ඊට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *