කොළඹ 90%ක් ම සැර ඩෙල්ටා…! කොළඹින් පිට තවමත් ඇල්ෆා…! ගමට ඩෙල්ටා ගියොත් දරුණු ප්‍රතිඵල…!

August 19, 2021 at 1:21 pm | by emanisa.lk

ඩෙල්ටා සැර කොවිඩ් වෛරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මේ අතර කොළඹ නගරයෙන් හමුවන ආසාදිතයන්ගෙන් සියයට අනුවක්ම ඩෙල්ටා සැර කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ අය බවට අනුමාන කළ හැකි යැයි ද හෙතෙම සඳහන් කළේ‍ය.

කොළඹින් පිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිර ඇත්තේ භයානක නැති, අඩු සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඇල්ෆා වෛරස ප්‍රභේදය බව‍ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *