කොළඹ හතේ උතුරේ ගෑස් පිපිරෙන්නේ නෑ…! ගෑස් පිපිරවීම පිටුපස කුමන්ත්‍රණයක්…? – ජොන්ස්ටන්…

January 7, 2022 at 7:44 am | by emanisa.lk

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙනවා ද යන සැකය මතුවී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙම ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකර අදාළ විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ඇමැතිවරයා අනාවරණය කරයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (06) සහභාගි වෙමිනි.

අපි මේ අලුත් අවුරුද්ද ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කොවිඩ් වසංගතය නිසා ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. එම නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා.
ගෑස්වල ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ගෑස් පිපිරීම් වාර්තා වෙනවා. මේ ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙනවා. කොළඹ හතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. උතුරු පළාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. නුවර කුරුණෑගල ගෑස් පිරෙන්නේ නැහැ.

එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා.

රටේ ජනතාව අතර මේ වන විට කුතුහලයක් ඇති වී තිබෙනවා මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන්. ජනතාව මේ වන විට ගෑස් පරිභෝජනය සම්බන්ධයෙන් බිය වී තිබෙනවා. මේ ප‍්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බවට මම විශ්වාස කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *