කොළඹ වරායේ මෙහෙයුම්වලින් 2/3කට ඉන්දියාව සම්බන්ධයි…! ඒ නිසා නැ. ජැටිය ඉන්දියාව එක්ක ක්‍රියාත්මක කිරීම හොඳයි…! – ඉන්දීය විදේශ ඇමැති….

January 11, 2021 at 1:52 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් සති අන්ත වීරකේසරී පුවත්පතට පවසා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් තුනෙන් දෙකකට ඉන්දියාව සමග සබඳතා ඇති බැවින් නැගෙනහිර පර්යන්තයේ කොටස්කරුවෙකු බවට ඉන්දියාව පත්වීමෙන් අත්වන වාසි විනිවිදභාවයෙන් යුක්ත බවයි.

ශ්‍රී ලංකා රජයේ කැමැත්තට අනුව ඉන්දියාව සහ ජපානයේ ආයෝජනයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව ඉන්දියාව සතුටු වන බවත් පර්යන්තයේ අයිතිය තවදුරටත් ශ්‍රී ලංකාව සතුවන බවත් පවසන ඔහු ඉන්දියාවේ මැදිහත් වීම දෙරට අතර නාවික හා ආර්ථික සබඳතා ශක්තිමත්වීමට හේතු වනු ඇතැයි ද තවදුරටත් පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය ශ්‍රී ලංකාවේ නැගී සිටීමට අවශ්‍ය වන ආයෝජන ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල්වලින් ආකර්ශනය කිරීමේ සංඥාවක් බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස