කොළඹ රෝයල් එකේ නැති පහසුකම් පොළොන්නරුවේ රෝයල් එකේ දැන් තියෙනවා! මහනුවර කුරුණෑගල 1000ක් දාන්න ශාලාවක් නැති වුණාට පොළොන්නරුවේ ඕන තරම් තියෙනවා!

March 27, 2019 at 4:08 pm | by admin

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ වසරේ රු. කෝටි 1200ක වැඩ අවසන් කිරීමට ඇති බවත් කෝටි 6000ක මුදලක් පොළොන්නරුවට ආයෝජනය කර ඇති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කුරුණෑගල හෝ මහනුවර දහසකට පහසුකම් ඇති රංග ශාලාවක් ශ්‍රවනාගාරයක් නැති වුවත් පොළොන්නරුවේ එවැනි ශාලා රාශියක් ඇතැයි ද හෙතෙම පැවසීය.

ලංකාවේ කිසිම පාසලක නොමැති 5000කට අසුන්ගත හැකි රංග ශාලාවක් තමාගේ පාසල වන පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විවෘත කරන බව ද එහි ක්‍රීඩා පිටි දෙකක් සහ පිහිනුම් තටාක දෙකක් ඇති බව ද කොළඹ රාජකීය විද්‍යාලයේ පවා එවැනි පහසුකම් නොමැති බව ද ජනාධිපතිවරයා හෙළිකළේය.

පොළොන්නරුවට කිසිම කාලයක සිදු නොකළ සේවයක් තම ආණ්ඩුව කළ බව ද ඒ සඳහා වියදම් කළේ පිට රට ණය නොව මේ රටේ ජනතාවගේ මුදල් බව ද හෙතෙම අවධාරණය කළේය.

පොළොන්නරුවේ ගිරිතලේ ශ්‍රී ධර්මවිජය විහාරස්ථානයේ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ උත්සව සභාව අමතා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මීට වසර තිහකට පෙර තමා මේ රටේ රාංජ්‍ය නායකයා වනවා යැයි අනාවැකියක් කීවේ දේවානන්ද හිමි බව ද හෙතෙම සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව