කොළඹ රාජ්‍ය දේපළ කොටස් වෙළෙඳපොළට…! රාජ්‍ය පෞද්ගලික අංශ අනුබද්ධිත නව ව්‍යාපෘති….!

June 2, 2021 at 10:18 pm | by emanisa.lk

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ පැරණි ඉඩම් සහ දේපළ පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීමට රජය සූදානම් වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළවිය.

සෙලන්දිවා ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමායිල් මොහිදීන් පවසන්නේ 51%ක අයිතිය රජය සතුව තබා ගෙන ඉතිරි 49% කොටස් වෙළෙඳපොළට නිකුත් කරන බව ය.

“අපි හඳුනාගත් වත්කම් තියෙනවා, ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ට් ඔරියන්ටල්, හිල්ටන්, සීනෝර්, ‌වෝටර්ස් ඒජ්, ගෆූර් ගොඩනැගිල්ල, ජැෆ්නා කෝඩිනේෂන් සෙන්ටර්, මහ තැපැල් කාර්යාල හා විදේශ අමාත්‍යාංශ ගොඩනැගිලි.

මේවාවල ව්‍යාපෘති ඇති කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය අපි ලබා ගන්නේ කොහොමද? මේක අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා 51%ක් රජයට තියාගෙන 49% ක් අපි කොටස් වෙළෙඳපොළට මේ ආයතනයේ යොමුකරනවා. යොමුකරලා අපි ඒකට අවශ්‍ය මුදල් ලබාගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *