කොළඹ මාලබේ සැහැල්ලු දුම්රියට ණය ගිවිසුම් හරි! 2024 දී විනාඩි 32න් කොටුවේ!

March 12, 2019 at 8:51 am | by admin

කොළඹ කොටුව සිට මාලබේ දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (11) මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා ආයතනය විසින් ලංකා රජය වෙත ලබාදෙන අතර, එහි පොලිය 0.1%කි.

මාලබේ, බත්තරමුල්ල, රාජගිරිය සහ බොරැල්ල නාගරික ප්‍රදේශවල පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකෙරේ.

2024 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය නැවතුම් පොළවල් 16කින් සමන්විතය. මාලබේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස