කොළඹ නගරයේ 30%කට ඩෙල්ටා කොවිඩ්….! සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි…

July 19, 2021 at 8:59 am | by emanisa.lk

කොළඹ ඒ අවට ප්‍රදේශවල ජනතාවගෙන් සියයට විස්සක, තිහක ප්‍රතිශතයකට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

පසුගිය 15 වැනි දා මෙරටින් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් දහනව දෙනකු තහවුරු කරගත් අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මෙම ආසාදිත දහනව දෙනා සමග මෙරට තහවුරු කරන ලද ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව තිස්අටකි.

ඒ අනුව මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් ගාල්ල, මාතර, කොළඹ, යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ තහවුරු කරගන්නා ලද ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණයට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සමාජයේ සිටිය හැකි බවයි.

සෑම විට ම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *