කොළඹ ජින්තුපිටියේ කොරෝනා අවදානම අවසන්! නැවත ආසාදිත බව කී පුද්ගලයාට ආසාදනය වී නෑ!

July 5, 2020 at 10:37 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතයකු බවට නම් කළ ජින්තුපිටියේ පදිංචි වෙරළ ආරක්ෂකයාට කොරෝනා නොමැති බවට පිට පිට සිදුකළ PCR පරික්ෂණ 5කින් තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

පළමු PCR පරික්ෂණයේ දී කොරෝනා වැළදි ඇති බව සඳහන් විම නිසා ඔහුව රෝහල්ගත කළ අතර එම ප්‍රදේශයේ පුද්ගලයින් 154ක් පමණ නිරෝධායනයට යොමු කෙරිණි.

කෙසේ වෙතත් නිරෝධායනය සඳහා කන්දකාඩු මධ්‍යස්ථානයට ගෙන ගිය එම කිසිදු පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *