කොළඹ ගං වතුරින් ආරක්ෂා වන්නේ මා හැදූ පොම්පාගාරය නිසයි…! කඩුවෙල කොළොන්නාව යට වුණේ ආණ්ඩුවේ බැරිකම නිසයි…! – පාඨලී….

June 12, 2021 at 7:44 am | by emanisa.lk

අධික වර්ෂාවක දී පවා කොළඹ ගං වතුරින් යට නොවන්නේ තමන් විසින් නාගලම්වීදිය පොම්පාගාරය ඉදිකළ නිසා බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක පවසයි.

එසේ නොවන්නට මුළු කොළඹ ම වර්ෂාව සමඟ ගං වතුරින් යට වන බව පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

එහෙත් වර්තමාන ආණ්ඩුවට අඹතලේ සහ කොළොන්නාව පොම්පාගාර ඉදිකර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ද කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ඒවායේ ඉදිකිරීම් අවසන් කළේ නම් කඩුවෙල සහ කොළොන්නාව ගං වතුරින් ආරක්ෂා වන බව පවසන හිටපු ඇමැතිවරයා වහා ම තමා නිර්මාණය කළ එම පොම්පාගාර සහ උතුරු කොළඹ උමං පද්ධතිය ක්‍රියාත්මක කර කොළඹ ගං වතුරින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *