කොහොම හරි සජිත් දිනවන්න! අගමැතිකම දෙන්නම්! – පාඨලි ජනපති පාමුළ වැඳ වැටෙයි!

November 11, 2019 at 8:32 am | by emanisa.lk

ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 9 වැනිදා රාත්‍රී මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සියලු ප්‍රශ්න අමතක කර මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා දිගින්දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගේ සහයෝගය තීරණාත්මක නිසා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එසේ සහයෝගය ලබාදෙන්නේ නම් ඉදිරි ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් පත් කිරීමටද කටයුතු කරන බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කොට ඇති බවද වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස