කොවිඩ් වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් කරන සුපිරි ප්‍රතිදේහයක්…! කොවිඩ් මර උගුලින් ලොව නිදහස්…!

September 18, 2021 at 2:11 pm | by emanisa.lk

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව හඳුනා ගැනෙයි.

ඇමරිකාවේ රොකෆෙලර් සරසවිය සිදුකළ නවතම පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී තිබේ.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරසවේදීහු පෙන්වා දෙති.

මේ වන විට පැතිරෙන කොවිඩ් ප්‍රභේදවලට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි ප්‍රභේදවලට ද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයා ගෙන තිබේ.

මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොවිඩ් වෛරසයට සහ එහි විපරිත මාදිලියලට ද එකසේ ප‍්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහයට හැකි බව සනාථ වී ඇති බව එම පර්යේෂණ වාර්තා සනාථ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස