කොරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා රටට ලැබුණු විදේශාධාර රුපියල් බිලියන 112.3කට සිදු වූ දෙයක් නොමැති බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
“කොවිඩ් 19 වලට ලැබූනු විදේශ ආධාර රුපියල් බිලියන 122.3 කට ආගිය අතක් නැත. ඒ ගැන මුදල් අමාත්‍යංශයේ ලේකම් සම්පුර්ණයෙන්ම නිහඬය.
20 සම්මත කිරීමට මුදලට මිලදී ගත් සමහර මන්ත්‍රීන්ට රුපියල් මිලියන 50 බැගින් ගෙවා ඇත්තේ මේ මුදල්ද යන්න දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇත.”
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් දෙස් විදෙස් ජනතාවගෙන් අති විශාල මුදලක් එකතු කරගත් බවට නාගානන්ද කොඩිතුවක්කුට ද චෝදනා නැඟිණි.